Spread the love

ආදරණීය අගෝස්තුව ඇරඹුනා.

අගෝස්තුව කියන්නේ මට සැමරීම් වලින් පිරුණු මාසයක්. මාසය ආරම්භයේදීම මගේ ගෙතුම් සමූහයේ Crochet A-Z ( මේ වන විට ලංකාවේ විශාලතම ගෙතුම් ශිල්පී එකතුව) උපන්දිනය යෙදී තිබෙනවා අගෝ. 1 වෙනිදාට. ඉන්පසු එළඹෙන 6 වෙනි දිනට යෙදෙන්නේ මගේත් මගේ කුඩාම බෑණනුවන්ගේත් උපන්දිනයයි. දැන් මේ හැමදේම සමඟම අගෝස්තු පළවෙනිදාට යෙදෙනවා Granny Square දිනය.

මොකක්ද ඇත්තටම මේ granny square දිනය? මෙය Simple Crochet සඟරාව විසින් සංවිධානය කරනු ලබන විශේෂාංගයක්. ලෝකේ පුරාම ඉන්න ගෙතුම් ශිල්පීන් එකතු වෙලා granny square වලින් නිමැවුණු විශාල digital blanket එකක සැදීම තමයි මෙහිදී වෙන්න.

කොහොමද ඇත්තටම මෙහෙම කරන්නෙ?

මෙච්චරයි කරන්න තියෙන්න. ඔයාලා කැමති ඕනම මෝස්තරයක granny square එකක් නැත්නම 12ක්, 15ක් 1000ක් වුණත් කමක් නෑ (කව්රු ගණන් කරන්න කියලද?) ගොතලා ලස්සන පින්තූරයක් අරගෙන අදාල hashtag එකත් එකතු කරලා ඔයාලගේ සමාජ මාධ්‍ය ගිණුම් වල පල කරන්නයි තියෙන්න. අගෝස්තු 15 වෙනිදාට මේ #grannysquareday2021 කියන hashtag එක search කරල බැලුවොත් ඔයාලට බලාගන්න පුළුවන් වේවී විශ්මයජනක දසුනක්.

ඉතිං මේ අවුරුද්දේ මේ දිනය සැමරීම සඳහා මම තීරණය කළා මගේ ගෙතුම් පිටුවේ විශේෂාංගයක් පවත්වන්න #15daysofgrannysquares යන නමින්. Crochet A-Z මම අගෝස්තු පළවෙනිදායින් පටන් ගෙන දින 15 යන තෙක් සෑම දිනයකම granny square එකක් පල කරනවා.

ඔයාලත් කැමතිද මට එකතු වෙන්න?

ඔයාලා හැමෝමත් පහසුවෙන්ම මට එකතු වෙන්න හැකි වෙන්න නිසා මේත් එක්කම මම ගොතන මෝස්තර වල නිබන්ධනත් මම මෙහි පල කරනවා . Crochet A-Z.

අන්තර්ජාලයේ ඉතා අලංකාර කොටු මෝස්තර බොහෝමයක් තියෙනවා. ඒ අතරින් classic granny square කියන්නේ පහසුවෙන්ම නිර්මාණය කරගත හැකි දෙයක්. ඇරත් granny squares ගැන කතා කරද්දී මෙයාව අමතක කරලා කොහොමද?

ඉතිං මගේ දින 15 ආරම්භ කරන්නට classic granny square එකක් මගේ පළවෙනි කොටුව ලෙස මම තෝරාගත්තා.

ඔයා ගෙතුම් වලට ආධුනිකයෙක්නම් classic granny ගොතන්නට දන්නෙ නැතිනම් පහත ඇති පියවරෙන් පියවර විස්තර කරන video tutorial එක ඔයාලට උදව් වේවි.


Spread the love

Recommended Articles

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

si_LKසිංහල