Spread the love

මෙම ලිපියේ සිංහල අනුවාදය මෙතනින්


ගෙතුම් වලට අළුත් ඔයාලාව ආදරයෙන් පිළිගන්නවා සුන්දර ගෙත්තම් ලෝකයට.

ඔයා මේ වෙනකොටත් මූලික ගෙතුම් ගැන youtube වලින් හෝ බලා ඇති, ගෙතුම් කටු හා නූල් සමඟ දැන් ලෑස්ති වෙලා එක හිතින් ගෙතුම් පටන් ගන්නත් ඇති. දම්වැල නම් දැන් ඇස් පියගෙන වුණත් ගොතන්න පුළුවන් තරමට පුහුණු වී ඇති, ඇතැම් විටක දැන් දෙපට පිරවිල්ල ත් පටන් ගෙන ඇති. පළවෙනි පේලිය සම්පූර්ණ කිරීමට දම්වැලට පිරවිලි කරගන්නට ඇති. ඉහත මා කියූ මේ සියල්ල හරිනම් ඔයා ඉතා හොඳින් කරගෙන යනවා, හරිම සතුටුයි ඒ ගැන.

නමුත් එතනින් පසු කුමක් ද? මේ ගැන සැකයක් ඇති වුණාද? දෙවෙනි පෙළ පටන් ගත්තත් මුලින්ම පිරවිල්ල කරගැනීමට ගෙතුම් කටුව ඇතුල් කළ යුත්තෙ කෙලෙසද? video එකේ මෙන් මගේ ගෙතුම නැත්තේ ඇයි? මේ වගේ ගැටළු පැන නැගී ඇත්නම් මේ ලිපිය ඔබට බොහෝ ප්‍රයෝජනවත් වේවි. පිරවිල්ලක කොටස් පැහැදිලි කරමින් ගෙතුම් කටුව ඇතුල් වන විවිධ ආකාර අනුව ගෙතුමට එක බලපාන අයුරු මේ ලිපියේ එකින් එක විස්තර කෙරෙනවා.

එහෙනම් අපි පටන් ගනිමු...

පිරවිල්ලක කොටස්

අපි දෙපට පිරවිල්ලෙන් පටන් ගනිමු.

දෙපට පිරවිල්ල කියන්නෙ මූලික පිරවිලි අතර අපට හමුවෙන පළමුවන පිරවිල්ලයි. පහත පින්තූර බලන්න.

anatomy-of-a-single-crochet-stitch
Anatomy of a Single Crochet Stitch
  1. මේ තිබෙන්නේ පිරවිලි දෙස උඩින් බැලූ විට පෙනෙන ආකාරය. දම්වැලක් වගෙයි පෙනුම. මේ නිදාගෙන සිටින V අකුර පේනවද? එම V අකුරු සෑදී ඇති තොණ්ඩු හඳුන්වන්නෙ මෙලෙසයි - top loops.
  2. මෙම V අකුරේ අපේ පැත්තට වෙන්නට ඇති තොණ්ඩුව හඳුන්වන නම front loop.
  3. එයත් සමඟම අපෙන් අනෙක් පස ඇති තොණ්ඩුව හඳුන්වන්නේ - back loop ලෙසයි..
  4. මේ තියෙන්නේ පිරවිල්ලේ කඳ කොටස.මෙය තමයි පිරවිල්ලේ උසට බලපාන ප්‍රාධානම සාධකය.
  5. මෙතෙන්දී ඔයාලට දකින්න පුළුවන් දෙපට පිරවිලි වලින් ගොතා ඇති පේලි කිහිපයක් පෙනෙන ආකාරය.

දැන් අපි බලමු බාග තුන්පට පිරවිලි පෙනෙන ආකාරය.

anatomy-of-a-half-double-crochet-stitch
Anatomy of a Half Double Crochet Stitch
  1. top loops ලෙස හඳුන්වන මේ කොටස දෙපට පිරවිල්ලට සමානයි.
  2. front loops කොටසත් දෙපට පිරවිල්ලට සමානයි.
  3. back loop එකත් දෙපට පිරවිල්ලට සමානයි.
  4. මේ තමයි බාග තුන්පට පිරවිල්ලේ කඳ කොටස. ඔයාලට පේනවද දෙපට පිරවිල්ලට වඩා බාග තුන්පට පිරවිල්ල මඳක් උස බව?
  5. මේ තමයි බාග තුන්පට පිරවිල්ලෙන් නිම කළ පේලි කිහිපයක් පෙනෙන ආකාරය.

මීළඟට යන්නේ ගෙතුම් වලදී වැඩියෙන්ම භාවිතා වන පිරවිල්ලක් වන තුන්පට පිරවිල්ල බලන්න.

anatomy-of-a-double-crochet-stitch
Anatomy of a Double Crochet Stitch
  1. top loops ලෙස හඳුන්වන මේ කොටස දෙපට පිරවිල්ලට සමානයි.
  2. front loops කොටසත් දෙපට පිරවිල්ලට සමානයි.
  3. back loop එකත් දෙපට පිරවිල්ලට සමානයි.
  4. මේ තියෙන්නේ තුන්පට පිරවිල්ලේ කඳ කොටස. හොඳින් බැලුවොත් ඔබට පෙනෙයි මෙය ආසන්න වශයෙන් දෙපට පිරවිල්ලක උස මෙන් දෙගුණයක් බව.
  5. මේ තුන්පට පිරවිලි වලින් කරගත් පේලි කිහිපයක් පෙනෙන ආකාරය.

අපි කොහෙන්ද පටන් ගන්නේ?

දැන් අපිට පිරවිල්ලක කොටස් ගැන හොඳ අවබෝධයක් ඇති නිසා මීළඟට බලමු පිරවිල්ලක් දැමීමේදී ගෙතුම් කටුව ඇතුල් විය යුත්තෙ හරියටම පිරවිල්ලේ කුමන කොටසටද කියා.

මතකයි නේද පිරවිල්ලෙ මුදුනේ ඇති තොණ්ඩු- top loops ගැන?
භාවිතයේදී මෝස්තරයේ පිරවිල්ල ගැන විශේෂ සඳහනක් කර නොමැතිනම් එහි දමාගත යුත්තේ සාමාන්‍ය පිරවුමක්. අපි සාමාන්‍ය පිරවුමකදී නම් ගෙතුම් කටුව ඇතුල් කළ යුත්තේ මෙන්න මේ මුදුනේ ඇති තොණ්ඩු දෙකම හරහායි.

inserting-trough-both-loops
Crocheting Through Both Top Loops

නමුත් මෝස්තරයේ විශේෂ සඳහනක් ඇතිනම්?

මෝස්තරයේ සඳහන් වෙලා තිබේනම් ඔබ පිරවිලි දැමිය යුත්තේ ඉදිරිපස පිරවිලි වලට පමණක් කියා එහි අනිවාර්යෙන්ම මෙන්න මේ කෙටි යෙදුම තිබිය යුතුයි. එනම් FLO - front loop only
මෝස්තරයේ සඳහන් වෙලා තිබේනම් ඔබ පිරවිලි දැමිය යුත්තේ පිටුපස පිරවිලි වලට පමණක් කියා එහි අනිවාර්යෙන්ම මෙන්න මේ කෙටි යෙදුම තිබිය යුතුයි. එනම් BLO - back loop only

ඉතිං මොකක්ද මේ අතර වෙනස?

BLO (පිටුපස තොණ්ඩුවට පමණයි) සහ FLO (ඉදිරිපස තොණ්ඩුවට පමණයි) යන පිරවිලි වර්ග කරගන්නේත් සාමාන්‍ය පිරවිල්ල කරගන්නා ආකාරයටම තමයි. එකම වෙනස තමයි අපි මේ පිරවිල්ල කරගන්න තැන එහෙමත් නැතිනම් අපි ගෙතුම් කටුව ඇතුල් කරන තැන.

FLO - ඉදිරිපස තොණ්ඩුවට පමණයි

inserting-trough-front-loop
Crocheting Through Front Loop

ඔබගේ ගෙතුමේ ඉදිරිපස ඔබට මුහුණලා ඇති විට පිරවිල්ලේ මුදුන් තොණ්ඩු දෙකෙන් ඔබේ පස ඇති තොණ්ඩුවට පමණක් ගෙතුම් කටුව ඇතුල් කරන්න. මෙහිදී අනෙක් තොණ්ඩුව පිරවිල්ලක් නොමැතිව ඉතිරි වෙන අතර එම තොණ්ඩු පේලියට එකතු වූ විට දාරයක ස්වභාවයක් ගෙතුම මත ඔබට මුහුණ ලා නැති පැත්තේ නිර්මාණය වේ.

front-loop-only-crocheted-row
Back of the Working Piece

BLO - පිටුපස තොණ්ඩුවට පමණයි

inserting-trough-back-loop
Crocheting Through Back Loop

ඔබගේ ගෙතුමේ ඉදිරිපස ඔබට මුහුණලා ඇති විට පිරවිල්ලේ මුදුන් තොණ්ඩු දෙකෙන් ඔබෙන් අනෙක් පස ඇති තොණ්ඩුවට පමණක් ගෙතුම් කටුව ඇතුල් කරන්න. මෙහිදී ඉදිරි තොණ්ඩුව පිරවිල්ලක් නොමැතිව ඉතිරි වෙන අතර එම තොණ්ඩු පේලියට එකතු වූ විට දාරයක ස්වභාවයක් ගෙතුම මත ඔබට මුහුණලා ඇති පැත්තේ නිර්මාණය වේ.

back-loop-only-crocheted-row
Front of the Working Piece

කොහොමද මීළඟට ගොතන පිරවිල්ල කරන්නේ?

ඔයා දකුණත් හුරු ගෙතුම් ශිල්පියෙක්නම්ඔබ දැන් අවසන් කළ ගෙතුමට ආසන්නයේම වම් පසින් ඇති සිදස ඔබගේ මීළඟ පිරවිල්ල පැමිණිය යුතු තැනයි. වමත් හුරු ගෙතුම් ශිල්පියෙක්නම් ඔබ දැන් අවසන් කළ ගෙතුමට ආසන්නයේම දකුණු පසින් ඇති සිදස ඔබගේ මීළඟ පිරවිල්ල පැමිණිය යුතු තැනයි. මීළඟට ඇති හරස් V හැඩය ගැන විමසිලිමත් වන්න. එහි තොණ්ඩු දෙකම අතරින් ගෙතුම් කටුව යැවීමෙන් සාමාන්‍ය පිරවිල්ලකුත්, මෝස්තරයේ සඳහන් පරිදි එක් තොණ්ඩුවක් අතරින් යැවීමෙන් BLO හෝ FLO පිරවිලිත් කරගත හැකියි.

where-to-insert-your-hook-for-right-handed-crocheter
Right Handed Crocheter
where-to-insert-your-hook-for-left-handed-crocheter
Left Handed Crocheter

ඉතිං මේ ලිපියෙන් ඔබට තිබූ බෝහෝ ගැටළු වලට පිළිතුරු ලැබෙන්නට ඇතැයි අපේක්ෂා කරනවා. පහත ඔබගේ අදහස් හෝ අනෙකුත් ගැටළු ඇත්නම් සඳහන් කරන ලෙසත් ආදරයෙන් ඉල්ලා සිටිනවා.

ඔබට ගෙතුමින් වර්ණවත් වෙන සුන්දර දිනයක්!


Spread the love

Recommended Articles

8 Comments

  1. Grate post…. 👍 very valuable …thank you Asin Miss…

  2. Could you please explain what is meant by “right side facing” while explaining FLO and BLO

    1. There is always a right side and wrong side for a crocheted piece unless it’s a reversible one. Imaging you are crocheting a table mat. The side that comes on top (the displayed side) is the right side, the side thats facing the table is the wrong side. Same as the right and wrong side of a clothing item.

    1. Thank you so much for the feedback. Please look out for the new class announcements here on the blog or in our facebook page and group. Happy crocheting <3

Asin වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

si_LKසිංහල