ගෙතුම් කලාව මූලික දැනුම - Video Tutorials සහිතයි

Spread the love

අළුතින් පටන් ගන්න ඔයාලා වෙනුවෙන්ම සෑදුණු මේ පාඩම් පෙල අධ්‍යයනයෙන් ගෙතුම් සඳහා අවශ්‍ය ද්‍රව්‍යයන්ගේ සිට මූලික පිරවිම් විධි කරගන්නා ආකාරය දක්වා දැනුම ඔයාලට ලැබේවි.

  1. අවශ්‍ය ද්‍රව්‍ය
    • Crochet hook – ගෙතුම් කටුව
      • මේ කටුව විවිධ ප්‍රමාණයන්ගෙන් ගන්න තියෙනවා. 
        fishing hook එකක් වගේ අග කොටස වක් වෙලා තියෙන නිසා තමයි මේකට hook එකක් කියලා කියන්නෙ ( ඔන්න knitting – කටු දෙකේ ගෙතුම් – වලට ගන්න needle එක නෙමෙයි හොඳේ ) දැන් කට්ටිය fishing hooks අරන් එයිද දන්නෙත් නෑ.  ඔන්න පින්තූරත් දාලා තියෙන්නේ ඔයාලට ලේසි වෙන්න. 😉 
    • ඊළඟට ඕන yarn / thread
      • එහෙමත් නැතිනම් ලංකාවේ අය හඳුන්වන විදිහට වූල්. 
        මේ සඳහා thread ගන්නවානම් ඔයා ගොඩක් ඉවසීම තියෙන කෙනෙක් වෙන්න ඕන. මොකද thread වලින් ගොතන්න හොඳ පෙනීමක් වගේම ඉවසීමත් ඕන වෙන නිසා. මුලින්ම පටන් ගන්න කෙනෙක්නම් Handy හෝ Venus/Winnid (ලංකාවේ දැනට තියෙන වර්ග) වගේ brand එකක yarn එකක් හොඳයි. ටිකක් thickness වැඩිනම් වඩාත් පහසුවෙන් හසුරුවන්න පුළුවන් වෙනවා. මේ නිසා 3ply හෝ 4ply ප්‍රමාණ වලින් ගන්න පුළුවන්නම් වඩා හොඳයි. 
ඔයා පිටරටක ඉන්න කෙනෙක්නම් light worsted weight – acrylic yarn එකක් 4.5 mm හෝ 5.0mm ගෙතුම් කටුව සමඟ තෝරගන්න ( lable වල තියෙනවා විස්තර ) යාර්න් ගන්නකොට මුලින්ම පටන් ගන්න කෙනෙක්නම් ගන්න හොදම ලංකාවෙනම් Handy හෝ Venus කියන brands. Rabbit කියන brand එකත් තරමක් හොදයි. ලංකාවේ යාර්න් වලින් මේවා පමණයි මම භාවිතා කරලා තියෙන්නේ ඒ නිසා අනෙක් වර්ග ගැනනම් කියන්න දන්නෙ නැහැ.
        Handy වල තියෙනවා baby එක. ඒක ගන්න එපා. Handy සඳහා – 3.00mm hook එක හොදටම ගැලපෙනවා 3.5mm ,4.0mm ,4.5mm වුනත් බාවිතා කරන්න පුළුවන්.
    • ගෙතුම් කටු ප්‍රමාණ - Hook size
      • ඔයා ගන්න yarn එකේ හැටියට තමයි hook size එක තෝරගන්න ඕන.
        0.6mm ඉඳලා 1.5mm වෙනකම් අපි ගන්නේ tread වලට t20 thread එක සහ pearl cotton thread එක ගන්නවානම් 0.8 – 1.0 mm තමයි recommended hook sizes වෙන්නෙ.
        2.0 ඉඳලා ඉහලට යනකම් acrylic, cotton වූල් හෝ ඕනම yarn වර්ගයක් සඳහා ගන්න පුළුවන්
        2.0, 2.5, 3 mm වෙනකම් baby yarn එකට ගැලපෙනවා (handy baby yarn – මුලින්ම පටන් ගන්න කෙනෙක්නම් මේක ගන්න එපා)
        3.5 ඉඳලා 5 mm වෙනකම් වගේ සාමාන්‍ය ප්‍රමාණයේ yarn සඳහා භාවිතා කරන්න පුළුවන්. (2ply, 3ply, 4ply) මුලින්ම පටන් ගන්න කෙනෙක්නම් ඉහත සඳහන් කළ handy, venus winnid yarn එක්ක 3.5 හෝ 4.00mm hook එක වඩාත් සුදුසුයි.
    • සිදුර මහත ඉඳිකටුව/ ribbon මහන්න ගන්න ඉඳිකටුව  

ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි කොහෙන්ද මේවා ගන්නේ කියන එක. මමනම් Handy හි අනුෂ්කාගෙන් තමයි ගන්නෙ. සුහදශීලී සේවාවත් සමඟ හැමදේම පිළිවෙලට පැක් කරලා ගෙදරටම එවන නිසා හරිම පහසුයි ඇයගෙන් ගන්න එක.

මේ වීඩියෝවෙන් ගෙතුම් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය හා උපකරණ පිළිබඳ හැඳින්වීමක් කෙරේ.
  1. ලිස්සා හැරීම -සලිප් නොට්
  • ගෙතුම් කියන්නේ ඉතින් ගැට සහ පැටලවිලි වල එකතුවක්නේ. ඉතිං ඔන්න ඉස්සෙල්ලම අපිට පටන් ගන්න තියෙන්නෙත් ගැටේකින්. ගහන්නම්කො හොඳ ගැටයක් කියලා දැන් එහෙනම් අපි ලෑස්ති වෙමු slip knot (ලිස්සන ගැටය) කරගන්න.
    • ලිස්සන ගැටය කිව්වම ඔයාලට මතක වෙනවා නේද අර සමනළයා වගේ ගහන එක තට්ටක් විතරක් තියෙන ගැටේ. අන්න ඒකම තමයි මේ. හැබැයි ගෙතුම් වලදී කරගන්න පුළුවන් විදි ගොඩාක් තියෙනවා. එයින් එක් ක්‍රමයක් තමයි මම මගේ වීඩියෝවේ පැහැදිලි කරලා තියෙන්නේ. සාමාන්‍ය විදිහට ගැටය ගහගෙන කරනවානම් ගැටය ඇතුළට ගෙතුම් කටුව දාලා ගැටය හිර කරගන්න ඕන ගෙතුම් කටුව ගැටය තුළින් හොඳට එහා මෙහා කරගන්න පුළුවන් තරමට දශමයක් විතර ඉඩ තියලා. වීඩියෝවේ විදිහටම කරනවානම් කටුවේ ප්‍රමාණයටම තමයි ගැටේ එන්නේ.
මේ වීඩියෝවෙන් ගෙතුමක ආරම්භය එසේ නොමැතිනම් slip knot එක කරගන්නා ආකාරය ඔබට බලාගත හැකියි.
  1. කටුවයි යාර්නුයි අල්ලගන්නෙ කොහොමද?
    • අපි ගෙතුම් කරනකොට ගෙතුම් කටුව අල්ලන විදි 2ක් තියෙනවා. අපි කියනවා knife hold සහ pencil hold කියලා. (පින්තූර බලන්න) මේ ක්‍රම දෙකෙන් ඔයාට පහසු ක්‍රමයක් මුලින්ම තෝරගන්න. ඊළඟට අපි ගෙතුම කරගන්න කටුව අල්ලන අතට විරුද්ධ අතින් නූල -yarn අල්ලාගන්න ඕන. මේ අල්ලාගන්නකොට නූලට නිදහසේ ඇදිලා එන්න පුළුවන් විදිහට වගේම නූල එකම ගානට එකම tension එකකින් ඇදිලා එන විදිහට තමයි අපි අල්ලාගන්න ඕන. හරියට මැශින් එකකින් නූල එන්නේ අන්න ඒ විදිහට. ඉතින් මේ tension එක පාලනය කරන්න අපිට පුළුවන් නූල අතේ පටලවාගන්න. මේ ක්‍රමය ගැන දම්වැල  වීඩියෝවේ සඳහන් වෙලා තියෙනවා.
ගෙතුම් කටුව ඇල්ලීමේ ක්‍රම 2කි. ඔබට වඩා පහසු විදිහ තෝරාගන්න.
  1. දම්වැල
    • දම්වැල කියන්නේ ගෙතුමක පදනම. foundation chain නමින් මෙය හඳුන්වන්නේ ඒ නිසයි. මුලින්ම පටන් ගන්න කෙනෙක්නම් මෙය නැවත නැවත ගොතාගෙන අත හුරු කරගැනීම ඉදිරි පාඩම් වලදී පහසුවක් වේවි. මේ නිසා ඊළඟ පාඩමට යන්න කලින් එක දිගට එක සමාන හා පැහැදිලි දම්වැල් 100 පමණ නොනවත්වා ගොතාගෙන යන්න පුළුවන් වෙනකම් මෙය පුරුදු වෙන්න.
මෙම වීඩියෝවෙන් ගෙතුමක පදනම එසේත් නැත්නම් foundation chain-දම්වැල ගොතාගන්නා ආකාරය ඔබට බලාගත හැකියි.
  1. දෙපට පිරවිල්ල – single crochet (US) (US - half double crochet)
    • දැන් තියෙන්නේ අපි ලස්සනට ගොතාගත්ත දම්වැලට පිරවිලි කරගන්න විදිහ ඉගෙනගන්න. අපි ඉස්සෙල්ලම ඉගෙනගන්න යන්නෙ මෙන්න මේ ලෙසිම පිරවිල්ල. single crochet එහෙමත් නැත්නම් දෙපට පිරවිල්ල.
    • දම්වැල පුරුදු වුණාට පසු දම්වැල් 20 පමණ ගොතා එක් එක් දම්වැලට මෙම පිරවිල්ල කරගන්න. මෙලෙස අත හුරු වන තුරු පේලි 20 , 30පමණ එක දිගට ගොතාගන්න. අවසානයේ ලැබෙන කොටුව පැහැදිලි නිමාවකින් යුතු වූ පසු මීළග පාඩමට යොමු වෙන්න පුළුවන්.

දැන් ඔයාලා බලනවා ඇති single crochet සින්හලට හැරවෙද්දි දෙපට පිරවිල්ල වුණේ කොහොමද කියලා. මෙන්න මෙහෙමයි වුණේ.....

ඔයාලා දන්නවනේ ඔක්කොම ඉංග්‍රීසි වුණාට ඇමෙරිකානු ඉංගිරීසියි බ්‍රිතාන්‍ය ඉංගිරීසියි වෙනස් කියලා. අන්න ඒ වගෙම් crochet ගෙතුම් කලාවේදීත් යෙදෙන යෙදුම් වල ඇමෙරිකානු භාවිතය සහ බ්‍රිතාන්‍ය භාවිතය යනුවෙන් දෙකක් තියෙනවා.

 
ඇමෙරිකානු භාවිතයේ Single Crochet බරිතාන්‍ය භාවිතයේදි Double Crochet යනුවෙන් තමයි හඳුන්වන්නෙ එතකොට මේ brittish term එක තමයි සිංහලට හැරිලා දෙපට පිරවිල්ල වෙන්නෙ ඔයාලා තදබල ලෙස බ්‍රිතාන්‍ය විරෝධී වගේනම් american term එක සිංහලට හරවන් කියමු ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ ඔයාලා පිරවිලි පටලවගන්නෙ නැත්නම්. පහත වගුවේ තියෙනවා ඔයාලට ලේසියෙන්ම හඳුනගන්න පුළුවන් විදිහට සිංහල ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය යන යෙදුම පරිවර්තනය වෙන විදිහ.

සිංහල භාවිතය බ්‍රිතාන්‍ය යෙදුමෙන් ආවත් අන්තර්ජාලයේ බහුලව යෙදෙන්නේ ඇමෙරිකානු යෙදුම නිසා මම single crochet කියලා තමයි භාවිතා කරන්නෙ. 

මෙම වීඩියෝවෙන් මූලික පිරවිලි ක්‍රම වලින් පළමු හා සරලම ක්‍රමය වන දෙපට පිරවිල්ල එසේත් නැතිනම් Single Crochet (US) කරගන්නා අකාරය ඔබට බලාගත හැකියි. 
  1. තුන්පට පිරවිල්ල – double crochet (US) (US - half double crochet)
    • ගෙතුම් ලෝවේ වැඩියෙන්ම භාවිතා වෙන පිරවිල්ලක් තමයි double crochet කියන්නේ. ගොඩක් විසිතුරු පිරවිලි වර්ග වල පදනම වෙලා තියෙන්නේත් double crochet එහෙමත් නැතිනම් තුන්පට පිරවිල්ල. බලන්නකෝ කොහොමද කරගන්නේ කියලා.
    • දම්වැල් 20 පමණ ගොතා එක් එක් දම්වැලට මෙම පිරවිල්ල කරගන්න. මෙලෙස අත හුරු වන තුරු පේලි 20 .30පමණ එක දිගට ගොතාගන්න. අවසානයේ ලැබෙන කොටුව පැහැදිලි නිමාවකින් යුතු වූ පසු මීළග පාඩමට යොමු විය හැකියි.
මෙම වීඩියෝවෙන් මූලික පිරවිලි ක්‍රම වලින් දෙවන ක්‍රමය වන තුන්පට පිරවිල්ල එසේත් නැතිනම් Double Crochet (US) කරගන්නා අකාරය ඔබට බලාගත හැකියි. 
  1. බාග තුන්පට පිරවිල්ල – half double crochet (US) (US - half double crochet)
    • ගෙතුම් කලාවේ යෙදෙන ප්‍රධාන පිරවිලි අතරින් උසින් තෙවෙනි ස්ථානයේ තමයි මේ පිරවිල්ල ඉන්නෙ. දෙපට පිරවිල්ල හා තුන්පට පිරවිල්ලට අතරමැදි උසකින් පිරවීමට අවශ්‍ය තැන් වලදී බාගතුන්පට පිරවිල්ල එහෙමත් නැතිනම් half double crochet භාවිතා කරනවා.
    • දම්වැල් 20 පමණ ගොතා එක් එක් දම්වැලට මෙම පිරවිල්ල කරගන්න. මෙලෙස අත හුරු වන තුරු පේලි 20 .30පමණ එක දිගට ගොතාගන්න. අවසානයේ ලැබෙන කොටුව පැහැදිලි නිමාවකින් යුතු වූ පසු මීළග පාඩමට යොමු විය හැකියි.
මෙම වීඩියෝවෙන් මූලික පිරවිලි ක්‍රම වලින් තෙවන ක්‍රමය වන බාග තුන්පට පිරවිල්ල එසේත් නැතිනම් Half Double Crochet (US) කරගන්නා අකාරය ඔබට බලාගත හැකියි. 


Spread the love

Recommended Articles

3 Comments

  1. From where can i buy crochet needle and yarn in SriLanka if possible on line

    1. Have you checked the Handy facebook page I have mentioned in my post?

champika වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

si_LKසිංහල